ආදීම සිංහලයන්ගේ පිය සටහන් සොයා…

ලක්දිව මුල්ම ජනාවස පිහිටුවනු ලබන්නේ සිංහලයන්ය. සිංහලයන්ගේ ආදිතමයන්ගේ පිය සටහන් සොයා යන ගමනේදී අපට පිටිවහලක් වන විවධ මුලාශ්‍රයන් අතරින් පුරා විද්‍යා මුලාශ්‍ර ප්‍රධාන තැනක් ගනී. මෙම ලිපියෙන් පිළිගත හැකි ප්‍රධාන පුරා විද්‍යාත්මක සාධක කිහිපයක් ගැන පමණක් සාකච්ඡා කෙරේ.

දැනට ලැබෙන පුරා විද්‍යාත්මක සාධක අනුව අදින් වසර එක් ලක්ෂ විසිපන්දාහක් තරම් ඈතකට මෙරට ජනාවාසකරණ ඉතිහාසය දිව යන්නේය. මෙම යුගය  පිළිබඳව හැදෑරීමේදී අප මුහුණ දෙන ප‍්‍රධාන ගැටළුවක් වන්නේ සාහිත්‍යය මුලාශ‍්‍ර හිඟ කමත්, පසු කාලීන සාහිත්‍ය මුලාශ‍්‍ර වැරදි තොරතුරු වාර්තා කිරීමත්, 19 සහ 20 යන සියවස් වල පර්යේෂකයන් බොහෝ සෙයින් වැරදි මිත්‍යාවන්  සිංහලයේ ආරම්භය පිළිබඳව පැතිරිමත්ය. උදාහරණ  ලෙස, ආර්යයන් ජනාවාස පිහිටුවීම, විජය මිත්‍යාව , රාවණ මිත්‍යාව, විජයට පෙර මෙරට යක්ෂ, නාග වැනි අමනුෂ්‍යයන් සිටීම ආදිය සැලකිය හැක.

ඉන්දු – යුරෝපීය ප‍්‍රාකෘත බසක් කතා කරන ක‍්‍රි.පූ.6 වැනි සියවසේ සිට පසුවට මෙරටට සංක‍්‍රමණය වූ ආර්ය ජන කොටස් එන විටත් ලක්දිව නිජ බිම කරගත් සිංහලයන් වසර දහස් ගණනක්  පරිණත ශිෂ්ටාචාරයක් ලක්දිව පුරා ගොඩනංවා තිබුණි.
විජය සහ පිරිස මෙරටට පැමිණි මුල් මනුෂ්‍ය සමූහය ලෙස දැක්වීම අපහසුය. පුරා ශිලා යුගයේ සිටම ලංකාවේ හෝමෝ සේපියන්  හෙවත් මිනිසා ජිවත් වූ බවට පුරා විද්‍යාත්මක පර්යේෂණ අනුව පැහැදිලි වේ. මයික්‍රොලිතික අවධියට අයත් වන බලංගොඩ සංස්කෘතිය ලෙසින් අප හඳුන්වනු ලබන සංස්කෘතිය හෝටන් තැන්න , උතුරේ පුනරින්, මාන්කුලම්, දකුණේ මිනිහාගල් කන්ද, ආදී ලෙස ලක්දිව පුරාම පැතිරී තිබුණු බවට පුරා විද්‍යාත්මක සාධක ලැබේ.  ඉහත සඳහන් කළ ස්ථාන වලින් ලැබෙන පුරාවිද්‍යාත්මක අවශේෂයන් ක‍්‍රි.පූ.28000 පමණ සිට ක‍්‍රි.පු.9500 දක්වා කාලයට අයත් වේ. ස්ථිර වශයෙන් නිගමනය කළ නොහැකි නටබුන් හා පුරා ශිලා යුගයට අයත් රළු ආම්පන්න රැසක් ශ‍්‍රී ලංකාවේ නොයෙක් ස්ථාන වලින් හමු වී ඇත.

ක‍්‍රි.පූ 15000 – 10000 කාලයට අයත් වන ලෙස කාල නිර්ණය කර ඇති මෙසොලිතික ( මධ්‍යම ශිලා යුගය ) යුගයට අයත් සාධකද ලක්දිව නොයෙක් ස්ථානයන්ගෙන් ලැබෙන්නේය.

මෙගලතික සංස්කෘතියක නටබුන් ලංකාවේ බොහෝ ස්ථාන වලින් ලැබෙන්නේය. එනම් ක‍්‍රි.පූ. 800 – 100 දක්වා කාලයට අයත් නටබුන්ය. පොම්පරිප්පුව, ගුරු ගල් හින්න, කතිර වේලි, පඩිය ගම්පොල, වළවේ නිම්නය යන ස්ථාන වලින් මේ යුගයට අයත් සාධක ලැබෙන්නේය. මේ අවදිය තුළ සිංහලයන් යකඩ භාවිතය, කළු සහ රතු මැටි බඳුන් භාවිතය, ස්ථාවර ජනාවාස, වාරිමාර්ග සහ කෘෂි කර්මාන්ත ක‍්‍රමවේදයන් දන සිටියහ.
දැනට ලැබෙන පිළිගත්  පුරා විද්‍යාත්මක  සාධක මෙසේ  පිළිගැන්විය හැක-
බූන්දල  (පතිරාජ වෙල) – අදින් අවුරුදු 125,000 කට පෙර හෝමෝ සේපියන් මානව ජනාවාස තිබුණු බවට සාධක
පාහියන්ගල (බලන්ගොඩ) – අදින් වසර 31,000 කට පෙර හෝමෝ සේපියන් මානව ජනාවාස සහ මානව අවශේෂ ( මධ්‍යම ශිලා යුගය )
මෙම බලන්ගොඩ සංස්කෘතිය දළ වශයෙන් අදින් වසර 37,000 – 40,000 කට පෙර කාලයට අයත්ය.
කුරුවිට බටදොඹ ලෙන අදින් වසර 28,000 කට පෙර කාලයට අයත් සාධක  ලැබෙන්නේය.
දැනට ලැබෙන විශ්වසනීය සාධක අනුව ලංකාව පුරා ස්ථාන 108 කින් අදින් වසර 500,000 සිට 5000 දක්වා කාලයකට අයත් විවිධ අවශේෂයන් ලැබෙන්නේය.
තවද ලංකාවෙන් කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ලැබෙන පැරණිම පුරා විද්‍යාත්මක සාධකය ලැබෙන්නේ හෝටන් තැන්නෙන්ය. ඒ අදින් වසර 20,000 – 15,000 කට පෙර ඕට්ස් සහ බාර්ලි වගාවන් පිලිබඳ සාධකය.
එසේම අනුරාධපර ඇතුළු නුවර කැණීම් වලින්ද අවම වශයෙන් ක්‍රිග පූග8 වන සියවසට අයත් පැරණි නගරයක නටබුන් ලැබෙන්නේයග යකඩ භාවිතය, අශ්වයින් ඇති කිරීම, වී වගාව, වළං කර්මාන්තය සහිත නාගරික ශිෂ්ටාචාරයක් ඒ වන විටත් පවතී බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ.
මුලදී අනුරාධග්‍රාම ලෙස තිබී ක්‍රි. පූ. 8 වන සියවස වන විට නාගරික තත්ත්වකට අනුරාධපුරය සංවර්ධනය වූ බවට සැලකිය හැක.

ලක්දිව මුල් පදිංචි කරුවන් හෙවත් ආදිම වාසින් වන සිංහලයන් ගේ ආරම්භය අදින් වසර එක ලක්ෂ විසි පන්දහසකට එහාට ගමන් කරන බවට පුරා විද්‍යාත්මක සාධක ලැබේ. එතැන් සිට විවිධ වකවානු වලට අයත් මානව අවශේෂ සහ මානවයන් භාවිත කළා යයි සැලකිය හැකි ද්‍රව්‍යමය අවශේෂයන් ලංකාවේ නොයෙක් ස්ථානයන්ගෙන් ලැබෙන්නේය. ආර්ය යන ව්‍යවහාරය කෙසේ වුවත් ක‍්‍රි.පූ. 6, 5 කාලයන්හිදී විදේශයන් සිට විවිධ එෙඬ්ර ජන කොටස් ආසියානු මහද්වීපයේ ඈත දේශයන්හි සිට ලක්දිවට පැමිණි බවට සාධක ලැබෙතත්, ඔවුන් සිංහල ශිෂ්ටාචාර ආරම්භ කරන්නට මුල් වූ බවට විශ්වාස කිරීම කිසිඳු ශාස්ත‍්‍රීය පදනමක් නැති මතයකි. අදින් වසර එක් ලක්ෂ විසි පන්දාහක් එහාට මානව ශිෂ්ටාචාරයක නටබුන් ලක්දිවින් ලැබෙද්දී, අවම වශයෙන් කි‍්‍ර. පූ 8 වන සියවසට අයත් නාගරික ශිෂ්ටාචාරයක අවශේෂ ලැබෙද්දී, සිංහල ශිෂ්ටාචාරයේ ආරම්භය විදේශයෙන් පැමිණි පසු කාලීන ජන කොටස් වලට පැවරීම පදනම් විරහිතය.

© සියලූම හිමිකම් ඇවිරිණි. කතෘගේ ලිඛිත අවසරය නොමැතිව මෙහි සඳහන් කිසිවක් හෝ උපුටා ගැනීම, ගබඩා කර තැබීම, නැවත ප්‍රකාශය, පලකිරීම සපුරා තහනම්ය.

Copyright © All Rights Reserved. The words, ideas and images are the intellectual property of Ama H. Vanniarachchy. All work published (words and images) here is copyrighted. If you wish to reproduce the work published here, please inform the writer, to get her written permission and acknowledge this site as the source.

Advertisements
Tagged , , , , , , , , ,

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: